මුළුතැන්ගෙයි බිත්තිය කඩා වැටීමෙන් දෙහැවිරිදි දරුවා ජිවිතක්ෂයට

නොවැ 15, 2020

    නිවසක මුළුතැන්ගෙයි බිත්තිය කඩා වැටීමෙන් දෙහැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

    සිය නිවසේ පිටුපස තාවකාලිකව ගඩොලින් බැඳ තිබූ මුළුතැන්ගෙයි බිත්තියක් හදිසියේ කඩා වැටී ඇති අතර දරුවා‌ බිත්තියට යටවී ඇතැයි පොලිසිය පවසයි.

    තංගල්ල පලතුඩුව ප්‍රදේශයේ පදිංචි දෙසඳු සිතිජය දරුවා සිය මිත්තනිය සහ මාමා සමඟ නිවසේ සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. තංගල්ල මූලික රෝහලට රැගෙන යන අතරමඟදී දරුවා ජිවිතක්ෂයට‌ පත්වූ බව ඥාතීහු පවසති.

    Latest News