කොරෝනා එන්නත පළමු අදියරේදී කාටද දියයුතු වන්නේ

නොවැ 12, 2020

    කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයාගත් පසු එය පළමු අදියරේදී ලබාදිය යුතු මෙරට පුද්ගලයින් කවුරුන් දැයි මේ වනවිටත් සොයා බලමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

    ඔහු කියාසිටියේ මුල් අදියරේදී මෙරට ජනතාවගෙන් සියයට විස්සකට අදාළ එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇති බවයි.

    එන්නත මිළදී ගැනීම සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් සිදුවෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා.

    කෙසේවෙතත් කොරෝනා වෛරසයට සාර්ථක එන්නතක් මේ දක්වා සොයාගෙන නොමැත.

     

    Latest News