ඕලුගල කැලයේ පලු ගසක් කැපූ 3ක් අත්අඩංගුවට

නොවැ 11, 2020

    ඕලුගල රජයේ කැලයේ විශාල ප්‍රමාණයේ පලු ගසක් කැපූ තිදෙනකු වනසංරක්ෂණ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදපානාගල ඕලුගල රජයේ කැලයේ තිබූ වසර ගනනක් ඉපැරැණි පලු ගසක් මෙසේ විනාශ කර දමා ඇත.

    මෙම සැකකරුවන් විසින් රාත්‍රි කාලයේ දී මෙම ගස කපා කුට්ටි කර ඇති බව වනසංරක්ෂණ නිලධාරීන් සදහන් කළේ ය.

    අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකමක මෙතෙක් තක්සේරු කර නොමැතිබව වනසංරක්ෂණ නිලධාරීන් සදහන් කරන අතර එම දැව තොගය වනසංරක්ෂණ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

    වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හදපානාගල උල්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Latest News