කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක්

නොවැ 10, 2020

    උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

    වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති වේ.

    දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ එනම් උතුරු මැද සහ වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

    ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකිය.

    ගතවූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එය මිලිමීටර 287ක් ලෙස දැක්වේ.

    Latest News