කොවිඩ්-19; 20% පිරිසකට ඒන්නත ලබාදීමට WHO ඒකඟයි

නොවැ 09, 2020

    මෙරට ජනගහනයෙන් 20%ක පිරිසකට කොවිඩ්-19 සඳහා වන ඒන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකඟ වී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඒම අමාත්‍යාංශයේ අද (09) පැවති සාකච්ජාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩිසේ මහත්මිය මේ බව පැවසුවාය.

    ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය, ඒන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම, අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරීම ආදිය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍යවරිය විසින් මෙහිදී පියවර ගනු ලැබුවාය.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ජාවට සඳහා ඒක්ව සිටියහ.

    Latest News