විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් අභියාචනා ඇත්නම් විද්‍යුත් තැපෑල මගින් එවන්න

නොවැ 03, 2020

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් අභියාචනා ඇත්නම් ඒවා විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරනවා.

    විශ්වවිද්‍යාල සඳහා සිසුන් දස දසහසක් මෙවර වැඩිපුර බදවා ගැනීම සිදුවේ.

    පසුගිය වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව තිස් දහසකි.

    2019 වසරේ නව විෂය නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ අපොස උසස්පෙළ විභාගය සමත් සිසුන් හතලිස් එක්දහස් පන්සීයක් මෙවර ඇතුළත් කර ගැනීම අපේක්ෂාවයි.

    සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් වැඩිපිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉඩ සැළසීම අරමුණු කරගනිමින් මෙය සිදුවේ.

    මේ අනුව, පසුගිය වසරට සාපේක්ෂව

    වෛද්‍ය පීඨයට 371 දෙනෙකු

    ඉංජිනේරු පීඨයට 405 දෙනෙකු

    නීති පීඨයට 126 දෙනෙකු

    ජෛව තාක්ෂණ සහ ඉංජිනේරු පීඨය සඳහා සිසුන් 350 දෙනෙකු වැඩිපුර බදවා ගැනීමට නියමිතයි.

    එමෙන්ම කළමනාකරණ පීඨය සඳහා 900 දෙනෙකු ශාස්ත්‍ර පීඨය සදහා 815 දෙනෙකු මෙන්ම කෘෂිකර්ම, විද්‍යා ඇතුළු අනෙකුත් උපාධි පාඨමාලා සඳහා සිසුන් 6000 ක් වැඩිපුර බදවා ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

    Latest News