රිෂාඩ් ලබන 10 දක්වා රිමාන්ඩ්

ඔක් 27, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27 )නියෝග කර තිබේ.

    2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

    Latest News