නිරෝධායන ඇඳිරි නීතිය නිසා දුම්රිය ධාවනයේ වෙනස්කම්

ඔක් 24, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අද සිට උසස් පෙළ අපේක්‍ෂකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගමන් කරන දුම්රිය හැර සෙසු දුම්රිය, දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය යත්තල්ගොඩ සහ කොළඹ කොටුව අතර දුම්රිය ස්ථානවල නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    පුත්තලම මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය වයික්කාල සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ද මුහුදුබඩ මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය බෙන්තොට සහ කටුකුරුන්ද දුම්රිය ස්ථාන අතර ද නොනවත්වා ධාවනය කෙරෙනු ඇත.

    Latest News