අස්වැසුම ප්‍රතිලාභින්ට විශේෂ දීමනා ගෙවීමට රුපියල් බිලියන 11.6 ක  

ජූනි 28, 2024

    ‍අස්වැසුම වැඩසටහන යටතේ, සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට ‍අදාළ විශේෂ දීමනා ගෙවීම සඳහා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්‍ වෙත, ඊයේ රුපියල් බිලියන 11.6 ක මුදලක් මුදා හැර තිබෙනවා.

    එම මුදල වෙන්කර ඇත්තේ, මෙම ජුනි මාසයට අදාළව ප්‍රතිලාභින්ට විශේෂ දීමනා ගෙවීම සඳහා යි. අස්වැසුම සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩ දෙකට ලබා‍ දෙන විශේෂ දීමනාව දෙසැම්බර් දක්වා දීර්ඝ කර ඇති බවද, ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා. වැඩසටහනේ පළමු අදියර ලෙස අවදානමට ලක් වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5,000 බැගින් 2023 ජුලි මස සිට 2024 මාර්තු 31 දක්වා ගෙවීමට කටයුතු යෙදා තිබුණා. සංක්‍රාන්තික කාණ්ඩය යටතේ සුදුසුකම් ලාභින්ට රුපියල් 2,500 බැගින් 2023 ජූලි මස සිට එම වසරේ දෙසැම්බර් 31 දක්වා ගෙවීමටත්, පියවර ගෙන තිබුණා.

    වත්මන් ආර්ථිකත්වය සැලකිල්ලට ගෙන සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවදානමට ලක් වූ කාණ්ඩයේ ප්‍රථිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමටයි, ජනාධිපතිවරයා විසින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ.

    ඒ අනුව, මෙම ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, එළඹෙන ජූලි මාසයේ සිට දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර තිබෙනවා. අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Latest News