යුරෝපයේ උසම ගිනි කන්දෙන් ලාවා පිට වෙයි

ජූලි 04, 2024
    ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් ලාවා නිකුත් වෙමින් පවතින බව, එරට මාධ්‍ය වාර්තා කරනවා.
    එම ගිනිකන්ද යුරෝපයේ පිහිටි උසම ගිනි කන්ද ලෙසයි, සැලකෙන්නේ. එය ලොව වඩාත්ම සක්රී ය ගිනි කඳුවලින් එකක් ද වනවා.
    දැනටමත් ඉන් ලාවා නිකුත් වෙමින් පවතින බවයි, ඉතාලි බලධාරීන් පවසන්නේ. මෙය, සංචාරක ආකර්ෂණය වර්ධනය වීමට ද හේතුවක් වී තිබෙනවා.
    ගිනි කන්ද ආශ්රිාත ප්ර්දේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් ක්රිියා කර ඇති බවයි, මාධ්යද වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News