67වන මහලෙන් වැටුණු දරුවන් ගැන අලුත්ම තොරතුරු

ජූලි 03, 2024
    කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ට් එයාර් ගොඩනැගිල්ලේ සිට පහතට වැටී ළමයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
    ඔවුන් 15 වැනි වියේ පසුවූ ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙක්.

    මෙම ළමුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇති අතර, පාසල අවසන්වී එම ගොඩනැගිල්ලට පැමිණ තිබෙනවා.

    එහි 5 වැනි මහලේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයට ගොස් පාසල් ඇඳුම් මාරුකර, පාසල් බෑග් එම ස්ථානයේ තබා ඔවුන් 67 වැනි මහලට ගොස් තිබෙනවා.

    එම ස්ථානයේ පිටතින් ඇති තරප්පු පෙළ වෙත ගොස්, තම මුදල් පසුම්බි හා පාවහන් එම ස්ථානයේ තබා ඔවුන් දෙදෙනා පහළට පැණ ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

    පිරිමි ළමයා වැල්ලවත්ත ප්‍රදේශයෙක් පදිංචිකරුවක වන අතර, ගැහැණු ළමයා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    කොම්පඤ්ඤ වීදිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, එය සියදිවි නසාගැනීමක්ද ඇද වැටීමක්ද යන්න තවමත් තහවුරු කර නැත
    Last modified on බදාදා, 03 ජූලි 2024 08:35

    Latest News