බෙරිල් ජැමෙයිකාවට පහර දෙයි

ජූලි 04, 2024
    ‘බෙරිල්’ සුළි කුණාටුවෙන් ජැමෙයිකාවේ දකුණු වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
    එය සිව්වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා.
    ‘බෙරිල්’ සුළි කුණාටුව, පැයට කිලෝමීටර 215 ක වේගයකින් හමා යමින් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේ.
    එහි බලපෑමෙන්, ජැමෙයිකාවට අධික වර්ෂාපතනයක් ද ලැබෙමින් පවතිනවා. ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව, එරට මාධ්‍ය වාර්තා කරනවා.
    පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
    ජැමෙයිකාවේ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ද හට ගෙන ඇති අතර, විදුලිය ඇනහිට ඇති බව, බලධාරීන් පවසනවා.
    පවතින අධික සුළං, හානි වූ විදුලි රැහැන් පද්ධතිය යථා තත්වයට පත් කිරීමට බාධාවක් වී ඇති බවයි, ඔවුන් සඳහන් කරන්නේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2024 14:22

    Latest News