පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයට 9ක් බිලි

ජූලි 02, 2024
    දකුණු කොරියාවේ "සෝල්" අගනුවර ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, රථ වාහන නැවතුම් පොළක රැදී සිටි පිරිසක් මතට කඩා වැදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා.

    අනතුරින් බරපතල තුවාල ලබා තවත් සිව් දෙනෙකු රෝහල් ගත‍කොට ඇති බවයි, වාර්තා වන්නේ.

    එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9.30 ට පමණ අනතුර සිදු තිබෙනවා.
    වයස අවුරුදු 68 ක් වයසැති පුද්ගලයෙකු තම මෝටර් රථය වාහන නැවතුමෙහි රැඳී සිටි පදිකයින් පිරිස වෙත එකවරම කඩා වැඳුණු බවයි, යොන්හැන් දකුණු කොරියානු ප්රකවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.
    අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර, තවත් ‍තිදෙනෙකු තුවාල ලබා රෝහල ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව, වාර්තා වනවා.
    අධික වේගයෙන් පැමිණි මෝටර් රථය මාර්ගයේ වැරදි දිශාවෙන් ධාවනය කර ඇති අතර, එය පදිකයින් පිරිස වෙත කඩා වැදීමට පෙර තවත් වාහන දෙකක ගැටී ඇති බවයි, වාර්තා වන්නේ.
    අනතුරු සිදු කළ මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    තමන්ට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු වූ බවයි, රියදුරු ප්රාකාශ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂ ණ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.
    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2024 10:29

    Latest News