යටියන්තොට ගින්නක් දෙදෙනෙකු මරුට

ජූලි 03, 2024
    යටියන්තොට පැලැල්ලේගම ප්රදේශයේ වතු නිවාස පේළියක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි.

    ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
     
    ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වනවා.
    Last modified on බදාදා, 03 ජූලි 2024 07:54

    Latest News