පැට් කමින්ස්ගෙන් හද ගැහෙන තවත් hat-trick එකක්

ජූනි 23, 2024
    2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මේ වන විට (23) පැවැත්වෙන සුපර් 8 වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඔස්ට්රේලියාව තරගයේ දී කඩුුලු ත්රිත්වයක් (hat-trick) වාර්තා කිරීමට ඔස්ට්රේලියානු ක්රීඩක pat cummins සමත් වුණා.

    ඒ අනූව ඔහුගේ ප්රවේගකාරී පන්දු හමුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Karim janat,නායක Rashid Khan,Gulbadin Naib දැවී ගියා.

    අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්රේලියාව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනූව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා.
     
    මෙම තරගාවලියේ ඔහුගේ දෙවැනි කඩුලු ත්රිත්වයක දවා ගැනීම මෙය වන අතර පසුගියදා (21) බංග්දේශය සමග පැවති තරගයේ දී ද ඔහු කඩුලු ත්රිත්වයක් ලබා ගත්තා.
     
    ඔස්ට්රේලියාව වෙනුවෙන් 20-20 ලෝක කුසලානයක දී කඩුලු ත්රිත්වයක් ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් පත්ව තිබෙනවා.
     
    මීට පෙර ඔස්ට්රේලියාව වෙනුවෙන් T20 ජාත්යන්තර තරගය කදී කඩුලු ත්රිත්වයක් දවාගෙන සිටින්නේ බ්රෙට් ලී.

    Latest News