ලංකාවේ ධාන්‍ය නංවන්න ගත්තු අලුත්ම පියවර

ඔක් 23, 2018

    ලබන වසරේ සිට රටතුළ නිෂ්පාදනය කෙරෙන ධාන්‍ය වර්ග ආනයනය සඳහා බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

    මෙරට වගා කළ හැකි බෝගවර්ග රැසක් නිරන්තරයෙන් ආනයනය කෙරෙන අතර බඩඉරිඟු, උඳු, සෝයා, මුං, තල , කුරක්කන් සහ රටකජු ඒ අතර වේ.

    ඉන්දියාව, බංගලාදේශය සහ පකිස්ථානයෙන් ඒවා ආනයනය කරන අතර ඊට විශාල විශේෂ විනිමයක්ද වැය වෙයි.

    පසුගිය වසරේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හැට හතරදහසක් ආනයනය කළ අතර ඊට රුපියල් මිලියන 6627 ක් වැය කර ඇති බවට වාර්තා වෙයි.

    පසුගිය වසරේ රටකජු මෙට්‍රික් ටොන් 4000ක් ආනයනය කර ඇති අතර ඊට රුපියල් මිලියන 243 ක් වැය කෙරුණි.

    Latest News