හෙද අපේක්ෂකයින් 121ක් සුව ඇමැතිගෙන් කළ ඉල්ලීම

ඔක් 23, 2018

    හෙද සේවාවට ඇතුලත්වීම සදහා අයදුම් පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින් 121 කගේ නියමිත උස නොමැතිවීම නිසා හෙද සේවාවට ඇතුලත්වීමට නොහැකිවීම පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ විශේෂ අවධානය යොමුව ඇත.

    හෙද සේවා ව්‍යවස්ථාවට අනුව හෙද සේවාව සදහා බදවා ගැනීමේ දී අපේක්ෂකයින්ගේ තිබිය යුතු උස වන්නේ සෙන්ටිමීටර් 147.3 කි.

    නමුත් මෙම අපේක්ෂකයින් 121 දෙනාගේ නියමිත උස නොමැති බව සම්මුඛ පරීක්ෂණයේ දී අනාවරණය වීමත් සමග ඔවුන් සදහා සාධාරණත්වයක් ඉටු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ මහතා වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව මෙම අපේක්ෂකයින් බදවා ගැනීම සදහා සෙන්ටිමීටර් 145 දක්වා උස අඩු කිරිමට අනුමතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමින් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

    Latest News