මාකඳුරේ මධුෂ් වෙඩි හුවමාරුවකදී මරුට

ඔක් 20, 2020

    පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් මියගියේ අද අලුයම සිදුවූ වෙඩි හුවමාරුවකදීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

    එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක් ද සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    Latest News