ඔවුන් ඉගෙනුම ලබන්නේ ඇල්ලවෙල කණිෂ්ඨ විද්‍යාලයේ. හක්මන කලාපයේ සියලු පාසල්වලට අභියෝග කරමින් ශුරතාව දිනාගත්තද මෙම ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවේ යෙදෙන්නට අවම පහසුකම් හෝ මෙම පාසලේ නොමැත.
නිත්‍ය පුහුණුකරුවෙකු නොමැතිව පාසලේ ගණිතය විෂය බාර ගුරුවරයා මෙම දරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය. වැසීයාමට ආසන්න පාසලක් වන මෙහි වයස අවුරුදු 16ට අඩු දරුවන් සිටින්නේ හත් දෙනෙකු පමණි. ඔවුන් සියලු දෙනාම දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන්.
අවම පහසුකම් හෝ නොමැතිව ගල් බොරළු සහිත ක්‍රීඩාංගණයක පුහුණුවීම් කොට ඔවුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ තම නොපසුබස්නා ධෛර්යයෙන්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද? ක්‍රීඩා අමාත්‍යතුමණි, අධ්‍යාපන අමාත්‍යතුමණි, ඔබටයි මේ රතු එළිය.