නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 08 ක් පත් කෙරේ

සැප් 26, 2020

    නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු පත්කර ඇත.

    මේ සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය හිමිවී තිබේ.

    මෙහිදී සියල්ලන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

    මේ අනුව සී.ඒ චන්ද්‍රපේම මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්කර ඇත.

    එමෙන්ම මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති අතර,

    අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවිනාථ ආරියසිංහ මහත්මායි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හිටපු සභාපතිවරියක වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත්,

    ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙනුත් පත්කර ඇත.

    දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ.

    හිටපු නාවික හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර ද සිල්වා මහතා ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා ලෙසත්,

    සංජිව් ගුණසේකර මහතා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

    Latest News