ඉන්ධන තීරු බදු ගාස්තුව මාස 3 ක් තවදුරටත් දීර්ඝ කරයි

සැප් 04, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට බදු ආදායමට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් ඉන්ධන වෙනුවෙන් අයකරන තීරු බදු ගාස්තුව තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

    රජය පවසන්නේ ඉන්ධන බදු ආදායමින් අරමුදලක් ගොඩ නගමින් සිටින බවයි.

    එසේම වෙළෙඳ පොළේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන නමුත් මිල සමබරව පවත්වාගෙන යෑම සඳහා බදු වෙනස් කරන බවද රජය ප්‍රකාශ කරයි.

    මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රජය රුපියල් 20 ක් බදු අය කරයි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් වෙනුවෙන්ද එම අනුපාතයෙන්ම බදු අය කෙරෙයි.

    ඊට අමතරව අඩු සල්ෆර් මට්ටමක් සහිත සුපිරි ඩීසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 30 ක්ද, සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 12 ක් හා රුපියල් 20 ක් බැගින්ද රජය බදු අයකරයි.

    පසුගිය ජුනි 30 වැනිදා සිට මෙම සංකේතික බදු ක්‍රියාත්මක වේ.

    Latest News