බස්නාහිර පළාතෙන් 334ක් අත්අඩංගුවට

අගෝ 30, 2020

    බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඊයේ (29) උදෑසන 06.00 සිට අද (30) අලූයම 05.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බවයි, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

    එලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 142 දෙදෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 87 දෙනෙකු, නීති විරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 81 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 09 දෙනෙකු වන බව ද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News