ඉටුකම අරමුදලට ඩොලර් ලක්ෂ පහක මුදල් පරිත්‍යාගයක්

අගෝ 30, 2020

    ඉටුකම කොවිඩ් 19 අරමුදලට ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකු‍වෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කෙරිණ.

    දළ වශයෙන් රුපියල් මිලියන 92.5 ක වටිනාකමකින් යුත් මෙම මුදලට අදාළ චෙක් පත ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකු‍වේ ප්‍රධාන විධායක නිලධාරී බිගුමාල් තෙවරතන්ත්‍රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමුවා.

    කොරෝනා වෛරසය පාලනය හා මර්ධනය, රෝග පැතිරයාම වැළැක්වීම, පෙර සූදානම, රෝගීන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම ආදිය වෙනුවෙන් මෙම අරමුදලට ලැබෙන පරිත්‍යාග යොදා ගැනේ.

     

    Latest News