ඒ, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ දී. බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් පිළිබඳවත්, එම අපරාධකරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනු සම්බන්ධ බැංකු ගිණුම් පිළිබඳවත්, මෙහිදි විශේලේෂණයක් සිදු කළේය. බස්නාහිර පළාත තුල හඳුනාගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සංඛ්‍යාව 25ක්. හඳුනාගෙන ඇති අපරාධ කල්ලි සාමාජිකයන් සංඛ්‍යාව 388ක්.
ඉන් අපරාධ කණ්ඩායම් 5ක් දැනට ක්‍රියාකාරී නොවන අතර, කණ්ඩායම් 20ක් ක්‍රියාකාරීව පවතී. හඳුනාගෙන ඇති අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සංඛ්‍යාව 130ක්. සිරදඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින්නේ, අපරාධ කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු පමණි. ඇප මත සිටින පුද්ගලයින්ගෙන් නඩු කටයුතු සඳහා 123 දෙනෙකු පෙනී සිටින අතර, වරෙන්තු නිකුත් කර ඇති සංඛ්‍යාව 5ක්.
තවත් 16 දෙනෙකු සොයා ගත නොහැකිව ඇප මත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්. 25 දෙනෙකු විදෙස් ගතව සිටින අතර, ඔවුන්ගෙන් 19 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් නිදැල්ලේ සිටින සාමාජිකයින් සංඛ්‍යාව 83ක්.