පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

අගෝ 24, 2020

    මෙවර 09 වන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර සිටී.

    ලබන 25 සහ 26 යන දෙදින තුළ පැවැත්වෙන මෙම වැඩමුළුවේ දී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කරන බවයි සඳහන් කරන්නේ.

    මේ බව මහ ලේකම්වරයාගේ නිවේදනයේ ද සඳහන් වේ.

    වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිතයි.

    එමෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඊට සහභාගී වීමට නියමිතයි.

    25 සහ 26 යන දිනයන් දෙකෙහි උදැසන 9.00 සිට සවස 6.00 දක්වා පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 01 දී පැවැත්වීමට සුදානම් කර ඇත.

    Latest News