ශානි අබේසේකර යළි ගම්පහ මහේස්ත්‍රාත් හමුවට

අගෝ 20, 2020

    රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්‍ෂක මොහාන් මෙන්ඩිස් යන අය අද යළි ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කෙරිණ.

    පසුගිය දිනක ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ ගෙවත්තක තිබී සොයාගත් බව කියන ගිනි අවියක් පිලිබඳව, අසත්‍ය තොරතුරු සහ සාක්‍ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩුව විභාග කෙරේ.

    ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම නුසුදුසු බව, පවසමින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ ද නිරත වූහ. ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නඩුව ලබන මස 3 වැනිදා දක්වා කල් තැබුණු අතර, ඔවුන් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

    Latest News