අල්ලස් කොමිසමෙන් රාජිතට අධි චෝදනා

අගෝ 20, 2020

    හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුව් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

    2014 වසරේ මෝදර ධීවර වරාය අඩු වටිනාකමකට, බදු පදනමක් යටතේ පෞද්ගලික සමාගමකට පැවරීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල කොට තිබේ.

    නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන අයයි. මෙමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ සඳහන් “දූෂණය“ නමැති වරද සිදු කර ඇති බව අධි චෝදනා පත්‍රයේ සඳහන්, අධි චෝදනා පත්‍ යේ සාක්‍ෂිකරුවන් ලෙස 17 දෙනෙකු නම්කර ඇති අතර, නඩු භාණ්ඩ ලෙස ලේඛණ 55ක් ඉදිරිපත් කර තිබේ.

    Latest News