විදුලිය බිඳවැටීම ගැන සෙවීමේ කමිටුව අද රැස්වෙයි

අගෝ 18, 2020

    දිවයින පුරා ඇණහිට තිබූ විදුලි සැපයුම ඊයේ රාත්‍රී 10.00 වන විට මුළුමනින්ම යථා තත්වයට පත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ දහවල් විදුලිය බිඳ වැටීම සිදුවිය.

    විදුලිය බිඳ වැටීමත් සමග දිවයින පුරා දෛනික කටයුතු රැසකට බාධා පැමිණින. ජල සැපයුම ද අඩු පීඩනයක් යටතේ සිදු කිරීමට ජල සම්පාදන මණ්ඩලයට සිදුවිය. විදුලිය බිඳ වැටීම යථාවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු පිරිස කඩිනමින් ක්‍රියාත්මක විය.

    පසුව, අදියර කිහිපයකින් විදුලිබල සැපයුම යථා තත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය ක්‍රියා කළේය. මේ අතර, විදුලිය බිඳ වැටීමට හේතුව සෙවීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් නව දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

    Latest News