වැලිකඩ තාප්පයට අඩි 15ක් උස වැටක්

අගෝ 08, 2020

    වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට දිගින් දිගමට මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය විසිකිරීම් සිදුවන බවට නිරීක්ෂණය වි ඇති බවය.

    ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

    Latest News