‍ඡන්දයට කුරුණෑගලින් හා මාතලෙන් ඉහළ සහභාගීත්වයක්

අගෝ 05, 2020

    අද පෙරවරු 11.00 වනවිට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශත අගය සියයට 25 - 30ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීන් සඳහන් කර සිටිනවා.

    කොළඹ 27%, ගම්පහ 26%, කළුතර 30%, මහනුවර 30%, මාතලේ 36%, පොළොන්නරුව 21%, මොණරාගල 40% ක් ලෙස අද පෙරවරු 11 වනවිට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.

    මෙවර මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් ගණන 396ක් වන අතර, ඡන්ද දායකයින් ගණන 1,348,787ක්.

    මෙවර මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් ගණන 435ක් වන අතර ඡන්ද දායකයින් ගණන 1,129,100කි.

    මෙවර මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් ගණන 190ක් වන අතර ඡන්ද දායකයින් ගණන 493,192ක්.

     

     

    Latest News