ශ්‍රී ලාංකිකයන් මිලේච්ඡ ලෙස හැඳින්වීමේ උත්සහයට කාදිනල්ගෙන් විරෝධයක් (වීඩියෝ)

ජන 05, 2019
  • ශ්‍රී ලංකාවේ සියලු ආගම්වලට අයත් ජනතාව එක් ජාතියක් ලෙස සහයෝගයෙන් ජීවත් වන පරිසරයක් දැන් නිර්මාණය වී ඇති බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

    එහිදී අදහස් දැක්වූ මැල්කම් රංජිත් හිමිපාණන් “එවැනි පසුබිමක ශ්‍රී ලාංකිකයින් මිලේච්ඡ ජාතියක් ලෙස හංවඩු ගැසීමට විදේශයන්හි වෙසෙන ඇතැමුන් උත්සහ දැරීම කණගාටුවට කරුණක් බව, උන්වහන්සේ කියා සිටිති.

    මේ රටේ ජීවත් වන අනෙකුත් ආගමිකයන් සියලු දෙනා අතර විරසකවීම් ඇතිවෙනවා කියලා අනවශ්‍ය විධියට සුලු, සුලු සිදුවීම් පවා විශාල සිද්ධීන් ලෙස හුවා දක්වලා අපේ රටටත් අපේ කීර්තියටත් කැළල් කරන බොහෝ දෙනෙක් බටහිර යුරෝපයේ සහ වෙනත් රටවල ජීවත් වනවා.

    ශ්‍රී ලංකාව තුළ අපි විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් සමාදානයෙන්, සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. අපට කවමදාකවත් ආගමක් වශයෙන් හිරිහැර-කරදර අපට එල්ල වෙලා නැහැ. පොඩි, පොඩි වරදවා තේරුම් ගැනීම්, එක-එක අවස්ථාවල අපට සිදුවෙන්න ඉඩ තියෙනවා. මනුෂ්‍යයෝ විවිධ නම් අනිවාර්්‍යයෙන්ම එවැනි තත්වයන් ඇතිවෙනවා. ඒ දේවල් පමණට වඩා උලුප්පලා පෙන්වලා මේ රට තුළ ආගමික විවිධත්වයක් පිළිගන්නේ නැහැයි කියලා ච්න්තනයක්, භීතියක්, මේ රට ගැන ලෝකය තුළ ඇති කරන්නට සමහර අය කටයුතු කරනවා. ඒක ඇත්තෙන්ම කණගාටුදායකයි.“ යැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 20:18

    Latest News