යාපනය සරසවියේ කථිකාචාර්යවරියක් වන අලි ප්‍රහාරයක් නිසා ජීවිතයට සමුදේ

ජූලි 20, 2020

    වන අලියෙකු පහරදීම නිසා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (20) දහවල් මියගොස් තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චි මණ්ඩපයේ තාක්ෂණ අංශයේ සේවය කරනු ලබන කථිකාචාර්යවරියක්.

    ඇය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර, මේ වන විට 32 හැවිරිදි වියේ පසුවුවා.

    එම කථිකාචාර්යවරිය තවත් කාන්තාවක් සමග අසල විහාරස්ථානයක බුදුන් වැදීමට ගොස් ආපසු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් වෙත යමින් සිටියදී මහා මාර්ගයේ සිටි වන අලියා ඇයට පහර දී තිබේ.

    තුවාල ලැබූ ඇය කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරුකොට යවා ඇති අතර, පසුව එහිදී ජිවිතක්ෂයට පත්ව ඇත.

    Latest News