මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඝන මිදුම් තත්ත්වයක්

ජූලි 20, 2020

    රථ වාහන ගමනා ගමනයට බාධා.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (20) දින පස්වරුවේ සිට ඝන මිදුම් තත්ත්වයක් හට ගැනිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා මතු වි ඇත.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ වර්ෂාව පැවතිය ද වර්ෂාවෙන් ජන ජිවිතයට කිසිදු බාධාවක් එල්ල නොවිය.

    හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් ඝන මිදුම් තත්ත්වයක් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News