ඉදිරි පැය 12 තුළ මිලිමීටර 100 ඉක්මවූ වැසි

ජූලි 20, 2020

    බස්නාහිර,සබරගමුව හා දකුණු පළාත්වලට අද දිනයේ විටින් විට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු,නැගෙනහිර,උතුරු මැද හා මධ්‍යම පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    ඉදිරි පැය 12 කාලය තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

    එමෙන්ම දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සුළගේ වේගය ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    245947 1

    Last modified on සදුදා, 20 ජූලි 2020 10:42

    Latest News