එම ප්‍රතිශතය 74.84ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 06 දෙනෙකු අද මෙරටින් වාර්තාවිය. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්ගේ සමීපතමයන් වන හෝමාගම පදිංචිකරුවන් සිව් දෙනෙකු සහ ලංකාපුර පදිංචිකරුවෙකු අද හඳුනා ගැනුණු කොවිඩ්-19 රෝගීන් අතර වේ. අනෙක් පුද්ගලයා මෙරටට පැමිණ ඇත්තේ පිලිපීනයේ සිටයි.
කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළදී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ බවට හඳුනා ගැනුණු පුද්ගලයින්ගේ පීසීආර් පරීක්ෂණ අද සිදු කෙරිණ. ඊට 15 දෙනෙකු පමණ අයත්.
මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව ලබා නොදෙන බව, පෙරහැර සංවිධායක කමිටුව තීරණය කර තිබේ. එය, ලබන 21 වැනිදා ආරම්භ වන අතර දින 14ක් පැවැත්වෙනු ඇත. කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ අද පැවති සාකච්ජාවේදී මේ බව තීරණය කෙරිණ. පෙරහැර චාරිත්‍ර පමණක් 250කගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සිදුකිරීමට නියමිතයි. පෙරහැරට සහභාගිවන්නන් පීසීආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා සහභාගි කෙරෙනු ඇත.
කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා උපදෙස් ලබාදීමේ වැඩසටහනක් මාතලේ නගරයේදී අද සංවිධාන කෙරිණ. නොමිලයේ මුව ආවරණ ලබාදීම ද සිදු කෙරිණ. මෙය ක්‍රියාත්මක කරනු ලැබුවේ, මාතලේ පොලිසිය විසින්.