කෑගල්ලේ නායයාම් විපත් පාලනයට විශේෂ වැඩසටහනක්-ජනපති

ජූලි 18, 2020

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නායයාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටලු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.

    අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු විමර්ශනය කොට මේ බව පැවසීය.

    බුලත්කොහුපිටිය, ලෑවන පොළ භූමියේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ අරණායක දිප්පිටිය රෝහල හන්දියේ දී අපේක්ෂක ඩබ්. ජයරත්න මහතා සංවිධාන කර තිබූ ජන හමුවලට ජනාධිපතිතුමා අද පස්වරුවේ එක් විය.

    රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සෙත් ප්‍රාර්ථනා කළහ.

    සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය.

    බුලත්කොහුපිටිය - යටියන්තොට මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    Latest News