ශෂීගේ පාස්පෝට් නඩුව 14ට කල් යයි

ජන 01, 2019

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලිසිය විසින් ගොනු කර ඇති නඩුව අද යළි විභාගයට ගැනිණ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය. අද දින විභාගයට ගත් අවස්ථාවේ දී විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණේය. අනතුරුව වැඩිදුර විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලිසිය විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 15:34

    Latest News