හෙට (27) රාත්‍රී 10.00 සිට අනිද්දා (28) පස්වරු 04.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.
කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශ වලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 යන ප්‍රදේශ වලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.