නව නාවික හමුදාපති පියල් ද සිල්වා

දෙසැ 31, 2018

    නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබේ. 

     

    ඒ අනූව ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 28 වැනි හමුදාපතිවරයායි.  ඔහු අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.ඒ අනූව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.  ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 16:11

    Latest News