"රවුම් ප්ලග් බැහැ.. කොටු ප්ලග් පමණයි"

දෙසැ 31, 2018

    ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කලක් භාවිත කළ ඇම්පියර් 5 සහ 15 රවුම් හැඩය සහිත විදුලි පේනු සහ විදුලි කෙවෙනි විකිණීම, ප්‍රදර්ශනය හා ගබඩා කොට තැබීම අද සිට තහනම් බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    දැනට සවිකර ඇති රවුම් හැඩය සහිත විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීම ගැටලුවක් නොමැති බව කොමිසම කියා සිටී. මෙරට ජාතික ප්‍රමිතිය ලෙස සැලකෙන ඇම්පියර් 13 ජී වර්ගයේ හතරැස් කොටු සහිත විදුලි පේනු සහ කෙවෙනි පමණක් විකිණීම මෙන්ම, මිල දී ගැනීම ද සිදුකළ යුතුයි.

    විදුලි අනතුරු අවමකර ගැනීමේ අරමුණෙන් මහජන උපයෝගීතා කොමිසන් සභාව මෙම තීරණය ගෙන තිබේ. විදුලි අනතුරු නිසා, වාර්ෂිකව 75 - 100ත් අතර ප්‍රමාණයකගේ ජීවිත අහිමිවන බව, සමීක්ෂණවලින් හෙළිවී තිබේ. 13 ජී වර්ගයේ පේනු සහ කෙවෙනි භාවිතය නීතිගත කිරීමෙන් පසුව විවිධ වර්ගයේ පේනු සහ කෙවෙනි පිටරටින් ගෙන්වීම තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කෙරිණ.

     

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 10:27

    Latest News