දෝව කඳුවැටියේ ගින්නක්

ජූනි 14, 2020

    බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඊයේ සවස ඇති වූ ගින්නකින් අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමණින්ම විනාශ වී තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ, අද අලුයම කාලය වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වී ඇති බවයි.

    ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණික තත්වය හා සුළං හේතුවෙන් ගින්න සීග්‍රයෙන් ව්‍යාප්ත වූ බවයි, වාර්තා වන්නේ. ගින්නෙන් රක්ෂිතය නිවාසවලට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබිණ. පොලීසිය පවසන්නේ, කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සදහා හෝ විනෝදය සඳහා හෝ කදුවැටියට ගිනි තබන්නට ඇතැයි සැකකරන බවයි.

    දියතලාව ගුවන් හා යුද හමුදා හට පිරිස් පැමිණ පැතිර යමින් තිබූ ගින්න මුළුමනින්ම මැඩපවත්වා තිබේ. බණ්ඩාරවෙල පොලීසිය මගින් පරික්ෂණයක් ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 13:05

    Latest News