“කොවිඩ්-19“ රෝගීන්ගේ පැහැදිලි අඩුවීමක්

ජූනි 12, 2020

    පසුගිය සතියක පමණ කාලය තුළ මෙරටින් වාර්තා වන “කොවිඩ්-19“ රෝගීන්ගේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    අද දිනයේ ද “කොවිඩ්-19“ රෝගය වැළඳුණු කිසිදු පුද්ගලයෙකු මෙතෙක් වාර්තා වී නැත. මේ අතර රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ 46 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියේය.

    “කොවිඩ්-19“ රෝගය වැළඳණු බවට ඊයේ හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 08ක්. ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින්. ඔවුන්ගෙන් සිව් දෙනෙකු ඉයක්කච්චි නිරෝදායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පුද්ගලයන්. තිදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා අනෙක් පුද්ගලයා විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනා ගැණින.

    “කොවිඩ්-19“ වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස අද වනවිට 1,196 දක්වා ඉහළ ගොස් තිබේ. එය සමස්ත “කොවිඩ්-19“ රෝගීන් සමඟ ගත්විය 63.71ක ප්‍රතිශතයක්. තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන්නේ 670 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 35.69ක්. මරණ වාර්තා වන්නේ 11ක්. ප්‍රතිශතයක් ලෙස එය 0.58%ක්.

    මේ අතර විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු විශේෂ සැලැස්මකට අනුව අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පිලිපීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඊයේ මෙරටට පැමිණියේය. පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්. 1423 ගුවන් යානයෙනුයි, ඔවුන් මෙරටට පැමිණියේ. රැකියා නියුක්තිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිසුන් ඒ අතර වේ. නෞකාවල සේවයේ යෙදී සිටි පිරිසක් ද ඊට අයත්. ඔවුන් විෂබීජානුහරණයට ලක් කොට පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    මින්නේරිය, කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට යොමුකර සිටි පිරිසක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කලේය. එම පිරිසට 21 දෙනෙකු අයත්. පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි කන්ඩායමක් මෙලෙස සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ බව අප වාර්තාකරු පවසයි.

    පිරිස දින 21ක නිරෝධායන කාලසීමාවක් අවසන් කර තිබේ. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කර බලා සියලු දෙනාම නිරෝධායනයෙන් මුදා හැරිණ.

    බොරැල්ල ආයුර්වේද රෝහලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. ඊට 33 දෙනෙකු අයත්. පිරිස පසුගියදා ජපානයේ සිට හා බෙලරුස් රාජ්‍ය යේ සිට මෙරටට පැමිණ තිබේ.

    හෝමාගම, පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 67 දෙනෙකු අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කළේය. මෙම පිරිස රුසියාවේ බෙල්රුඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා එරටට ගොස් සිටියේය. පිරිසට නිරෝධායනය අවසන් කළ බවට වන සහතිකය ද පිරිනැමිණ.

    මේ අතර, ආගමික ස්ථානයන්හි පුද්ගල රක්රැස්වීම් සඳහා අද සිට අවසර හිමිවිය. ඒ අනුව, සියයකට අඩු සංඛ්‍යාවක් සහබාගි කරගෙන ආගමික ස්ථානවයල ආගමික කටයුතු සිදු කළ හැක. සෞඛ්‍ය ආරත්‍ෂිත පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ආගමික කටයුතුවල නිරතවිය යුතුය. එලෙස කටයුතු කිරීමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවකදී රැඳී සිටිය හැක.

    දිවයිනේ බොහෝ ආගමික ස්ථානවල සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ආගමික කටයුතුවල නිරතවන පිරිස් අද දැකගත හැකිවිය. ආගමික කටයුතු සඳහා අවසර ලබාදීමත් සමඟ අනුරාධපුර අටමස්ථාන ද ජනතාව වෙනුවෙන් විවෘතව පවතී. සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහ සෑය ඇතුලු අටමස්ථානවල සපයා තිබේ. හින්දු කෝවිල් ආශ්‍රිතව ද සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති නිර්නායකයන්ට අනුකූලව පූජා කටයුතු පැවැත්වෙන ආකාරය දක්නට ලැබුණු බව අප වාර්තාකරු පවසයි. දිවයිනේ බොහෝ මුස්ලිම් පල්ලිවල ද පුද්ගල දුරස්ථභාවය ආරක්‍ෂා කර ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව යාඥාකටයුතු සිදු කිරීම දක්නට ලැබිණ.

    Latest News