දිස්ත්‍රික් අනුව වැලි මිල තීරණය වේ

ජූනි 07, 2020

    දිස්ත්‍රික් අනුව නිශ්චිත වැලි මිලක් හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ විය. ඉදිරි සති දෙක තුළ එය හඳුන්වාදෙන බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ.

    වැලි සම්බන්ධයෙන් විවිධ අයථා කටයුතු සිදුවන බවට තොරතුරු ලැබී ඇත.

    ඒවා වැළැක්වීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප‍්‍රාදේශීය කාර්යාල වලට අනුයුක්ත කර ඇති නිලධාරීන් මාර්ගයෙන් වැටලීම් ආරම්භ කෙරිණ.

    වැලි ප‍්‍රවාහනය නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශවල සහය ලබාගැනීමත් අරමුණක්.

    ඒ වෙනුවෙන් තෝරාගත් ස්ථාන කිහිපයක අධීක්ෂණ මුරපොළ ස්ථාපිත කරන බවයි, කාර්යාංශය පවසන්නේ. වැලි කැනීම් සඳහා ලබාදී ඇති බලපත‍්‍ර වෙනත් පාර්ශව වෙත පැවරීම තහනම්.

    අදාළ දිස්ත්‍රික්යේ ස්ථිර පදිංචිකරුවන්ට මූලිකත්වය ලබාදෙමින් වැලි කැනීම් බලපත‍්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ.

    Latest News