පුද්ලයෙකුට පහරදුන් පා.ම. සොයිසට ඇප

දෙසැ 28, 2018

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) නියෝග කලේය. 

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා අත්අඩංගුවට ගැනුනේ අයුතු ජන රාශියක සාමාජියෙක්ව සිටිමින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 16 වැනි දායි. එ අනුව අධිකරණයට ඉදරිපත් කිරිමෙන් පසු ජනවාරි 1 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළ නියෝගය කෙරිණ. 

    ඒ අනුව සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෝසමක් සැළකිල්ලට ගනිමින් ඉහත ඇප නියෝගය අද නිකුත් කෙරිණි.

    මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වු ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, යන නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු විශාල පිරිසක් සැකකරු වෙනුවෙන් අධිකරණයේ දී නැගී සිටියහ.

    Latest News