දේශපාලන අර්බුදය සාමකාමීව විසඳාගැනීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලය සතුට පළකරයි

දෙසැ 27, 2018

    මෙරට දේශපාලන අර්බුදය සාමකාමීව විසඳා ගැනීම පිළිබඳව සතුටට පත්වන බව පොදුරාජ්‍ය මණ්ඩලය පවසයි.

    එහි මහ ලේකම් රාජනීතිඥ ප්‍රැටීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවන ලද සුභාශිංසන පණිවුඩයේ මේ බව දැක්වේ.
    එහි සඳහන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍ය ධූරට පත්වීම සම්බන්ධයෙන් සුබපතන බවයි.

    -නීතිය හා ව්‍යවස්ථාදායක කාර්ය රාමුව පෝෂණය කොට ආරක්‍ෂා කර ගැනීමට ඔබ විසින් හා අනෙකුත් අදාළ පාර්ශ්ව දක්වන ලද අචල හා දැඩි ස්ථාවරය ගැන ප්‍රශංසාව පළ කරමි. ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්හි ශක්තිය හා ප්‍රත්‍යස්ථභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් කෙරෙහි දේශපාලන කොටස්කරුවන්ගේ කැපවීම මෙකී අර්බුදය විසඳා ගත් ආකාරයෙන් මනාව පැහැදැලිවේ.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ද දන්වන පරිදි දේශපාලන සංහිඳියාව වැඩි දියුණු කරලීම, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගමනය හා නීතියේ ආධිපත්‍යයේ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකාව විසින් දරනු ලබන පරිශ්‍රමයන්ට සහය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය නිරන්තරයෙන් සැදී පැහැදී සිටී.-

    ශ්‍රී ලංකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලය අතර පවතින දීර්ඝ කාලීන හා එලදායි සම්බන්ධතාවට තවදුරටත් පවත්වාගෙන යාමේ දැඩි අපේක්‍ෂාවෙන් පසුවන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් අග්‍රාමාත්‍යතුමා වෙත එවන ලද පණිවුඩයේ සඳහන්වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 19:34

    Latest News