මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1319ක්

මැයි 27, 2020

    මෙරට කොරෝනා වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමඟයි. මේ අනූව ආසාදිතයින් 597 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    පසුගිය 25 වැනි දා නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

    එමෙන්ම ඊයේ උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on බදාදා, 27 මැයි 2020 09:56

    Latest News