සමෘද්ධිමත් දේශයක් බිහිකිරීම රජයේ අරමුණයි; අමාත්‍ය බන්දුල (වීඩියෝ)

මැයි 18, 2020
  • රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මත පදනම්ව සමෘද්ධිමත් දේශයක් බිහිකිරීම රජයේ අරමුණ බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    රට හදන නිශ්චිත වැඩපිළිවෙළක් නියමාකාරයෙන් කරපු රජයක් හැටියට තමයි අපි මේ වගකීම් බාරගෙන තියෙන්නේ. හැමදාම දුප්පත් රටක් ලෙස තිබුණ ලංකාව වැඩි ආදායම් ලබන රටක් බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්වුණා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශ පදනම් විරහිත බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. හෝමාගම නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කෙරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැලසුමක් මත බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. ඒ සඳහා රජය කිසිදු මුදලක් වැය නොකරන අතර, අක්කර 26ක භූමි ප්‍රමාණයක් ලබාදීම පමණක් සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    Last modified on සදුදා, 18 මැයි 2020 19:58

    Latest News