දුම්මලසූරියේ රිය අනතුරකින් කතක් මරුට

මැයි 13, 2020

    නාත්තන්ඩිය-උඩුබද්දාව මාර්ගයේ දුම්මලසූරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

    දුණකදෙණිය ප්‍රදේශයේ දී ගමන් ගත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව කැබ් රථයක කැබ් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. ‍

    අනතුරෙන් කැබ් රථයේ ගමන්ගත් කාන්තාවක් බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවකි.

    අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්මලසූරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News