ජීවීන්ට හානිදායක විෂබීජහරණය

මැයි 04, 2020

    කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා පරිසරයට අහිතකර ලෙස විෂබීජහරණය කිරීම හේතුවෙන් මිනිසාටත්, අනෙකුත් ජීවීන්ටත් විශාල හානියක් සිදුවන බව ක්ෂුද්‍රජීව විද්‍යාඥයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

    එම සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික, වෘත්තීය, සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා අංශය පවසන්නේ වෛරසය මැඬපැවැත්වීම සඳහා ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල මතුපිට පෘෂ්ටයන් විෂබීජහරණය කළ යුතු බවයි.

    කෙසේ වෙතත් අවශ්‍ය කරෙන ස්ථාන පමණක් විෂබීජහරණය නොකර සමස්ත ස්වභාවික පරිසරයටම රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් රෝග නිවාරණය සඳහා රුකුලක් නොලැබෙන බවද එම සංගමය පවසයි.

    පරිසරයට අනවශ්‍ය ලෙස රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් විෂබීජ ඉවත් වීම වෙනුවට මිනිස් පෙණහලුවලට හානිවීම් සිදුවිය හැකි බවත්, කොවිඩ් - 19 වැනි වෛරස ආසාදිතයන්ගේ රෝගී තත්ත්ව උත්සන්න විය හැකි බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News