කිලිනොච්චියට දරුණු ගංවතුරක්, මාන්කුලම් වැව් බැම්ම බිඳියයි, ඉරණමඩු වාන් දමයි (ඡායාරූප)

දෙසැ 22, 2018
  • කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රී ඇඳ හැලුණු අධික වර්ෂාවක් සමඟ දෛනික ජිවිතය අඩාල වී තිබේ.

    අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය, මාන්කුලම වැව කැඩී යාමෙන් ඒ-9 මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. ඒ-9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන සංචාරකයින් ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස ආරක්‍ෂක අංශ දැනුම් දෙයි. 

    මිලිමිටර් 250කට අධික වර්ෂාවක් කිලිනොච්චිය ප්‍රදේශයට ඇද හැලුණු අතර ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබේ. මාන්කුලම වැව කැඩීයාමෙන් ඇතිවූ ජල ගැලීම්වලින් කොටුවී සිටින ජනතාව බේරා ගෙන ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇත.

    mankulam02 px 900 18 12 22

    mankulam 02

    dddddd

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 22 දෙසැම්බර් 2018 18:21

    Latest News